නවතම සිංහල මාධ්‍ය ආයතනයක ආරම්භය ….

Author

Categories

Share

අප රටේ සහ විදේශ වල සිටින සැබෑ සිංහල ආයෝජකයන් හට ඇරයුම් කරමි ,ඔබ සැබෑ සිංහල බුද්ධාගමට ලදී අයෙකු නම් අද අප රටට සිදුවී ඇති සහ සිදුවීගෙන යන්නාවූ ක්‍රියාදාමය ගැන මහත්වූ කණස්සල්ලක් ඇති නියතවම .විදෙහ්ස්යක මා ජිවත් උවද මාහට දැනෙන්නේ ඉමහත් කණගාටුවක් , ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දශක ගණනාවක ප්‍රයෝගික අත්දැකීම් ඇති සහ එමෙන්ම ඉමහත් ජනාධරයට පත්වූ සම්මානලාභී වැඩසටහන් රැසක් නිර්මාණය කෙරුවෙක්මි ,ලංකාවේ ප්‍රථම රුපවාහිනී සේවයේ සිට වෙනත් විවිධ රුපවාහිනී සහ මාධ්‍ය ආයතන රැසක සේවය කොට .ප්‍රශංසනීය ගෝල බාලයන් රැසක් මාධ්‍යට මුදා හල අයෙකු වෙමි .මිට දශක කිහිපයකට පෙර පටන් අද දක්වා රටේ ප්‍රබල මාධ්‍ය පත්වී ඇත්තේ පුස්සන් රැසක් හටය .ඒ නිසා මුළු මහත්වූ මාධ්‍යම අද පිරිහීමට ලක්වී ඇත .මේ නිසාම අද ද්‍රවිඩ සහ ඉංගිරිසි මාධ්‍ය ආයතන හතු පිපෙන්නාක් මෙන් බිහිවී ගෙන යනු දක්නට ලැබේ .විදේශයක සිට අප රට දෙස පරික්ෂා කිරීමේදී නියම සිංහල උච්චාරණය කරන්නාවූ සහ ජාත්‍යන්තර මට්ටමකින් සිංහල මාධ්‍යයෙන් කටයුතු කරන එකදු මාධ්‍ය ආයතනයක් නොමැත .ඔවුන් හට කිසිදු දිගු කාලින සැලසුමක් නොමැත .සිංහල භාෂාව උච්චාරණය කරන්නේද සිංග්ලිෂ් ලෙසිනි ,කියවන්නේ විකාරය , අපගේ පැරණි කලාකරුවන්ගේ ගීත භක්ෂණය කරමින් තුට්ටු දෙකේ සුපර් ස්ටාර් තරග තබමින් ,පැරණි කලාකරුවන් තුට්ටුවකට මායිම් නොකරන පුහුදුන් සමාජයක් අද බිහිව ඇත .ඉන්දියාවේ කාසි කබල් ටෙලි නාට්‍යවල් මෙන්ම මෙරට පෝරණුවෙන් බාන්නාවූ පාන් මෙන් නිර්මාණය කරන මෙගා නාට්‍යය හැරුණු විට ඇත්තේ ,දේශපාලන උම්මත්තකයන්ගේ සජීවී සංවාද සහ නිසරු ගීත සහ නැටුම් ය .
මේ සිදු වන්නාවූ විනාශය මෙසේම කරගෙන ගියහොත් ඉදිරියට අපට සැබෑ සිංහල ජන සමාජයක් මිහිපිට නොමැති වනු ඇත .දැනට තිබෙන සිංහල රුපවාහිනී සේවාවන්ද ,ගුවන් විදුලි සේවාවන්ද ඔවුන් ගේ පෞද්ගලික උවමනාවන් සඳහා මාධ්‍ය භාවිතා කරනු පෙනේ උදාහරණයන් ලෙසට ආගමික නාලිකා ,සහ දේශපාලන පක්ෂ බදාගත් නාලිකා ,මේ සියල්ලම අතරේ සැබෑ ලෙසින් අපේ රටට ජාතියට ආදරය කරන්නාවූ සේවාවක් නොමැත .එහි අඩුව හිදස්ව ඇත .ආරම්භ කලද පවත්වාගෙන යාමට තරම් වූ ක්‍රමවත් ඉදිරි දැක්මක් , සැලසුමක් නොමැත .මා ලත් ප්‍රයෝගික දැනුම මෙන්ම ලබා ඇති නවතම තාක්ෂණික දැනුම සහ විදේශ රටවල ලබාගත් පුහුණුව මත වෙනත් රටවල මාධ්‍ය ආයතන පිළිබඳව මන හැදෑරීමෙන් යුතුව මෙම සැලසුම් සකසා ඇත …!!!
සැමවිටම මාධ්‍යවේදියා යනු ඔවුන් ආමන්ත්‍රණය කරන්නාවූ ජන සමාජයට වඩා ඉහලින් සිටිය යුතු පිරිසකි ..
අද ලංකාවේ ද්‍රවිඩ ගුවන් විදුලි නාලිකා සහ රුපවාහිනී නාලිකා සිය ගණනකි .සැබෑ සිංහල මාධ්‍යයක් නොමැත .ඔවුන් එකදු සිංහල වචනයක් ඔවුන්ගේ සේවාවන්හි භාවිතා නොකරති .නමුත් අපගේ සිංහල සේවාවන් සියල්ලකම ද්‍රවිඩ ගීත ප්‍රචාරය වේ .?
රටින් පිටත වාසය කරන්නාවූ අපගේ සිංහල ජන සමාජයේ දුවා දරුවනට ක්‍රමවත්ව සිංහල ඉගෙන ගැනුමට අවකාශයක් නැත .පිටරටක වෙසෙන සිංහල ජන සමාජයනට නියම සිංහල මාධ්‍ය සේවාවක් නොමැත .පක්ෂ පාට හමුවේ කුලල් කා ගන්න අප සිංහල සමාජය ආගම් කුළ , නිසාද අධ්‍යාපනය සහ උගත්කම් නිසාද පුස්සන්වී ඔලුව උදුම්මාගෙන සිටිනු පෙනේ .මෙසේ වී ඇත්තේ මේ හුදකලාව සිටින සිංහල ජන කණ්ඩායම් සහ පවුල් වලට ඍජුවම ආමන්ත්‍රණය කිරීමට හැකි ප්‍රභල මාධ්‍යයක් නොමැති නිසාවෙනි .මේ වන විට අපේ රටේ අභිමානය පිළිබඳව ,අපගේ ජාතියේ අභිමානය ගැන හෝ කිසිදු හැඟීමක් අප රටේ ඉදිරි පරම්පරාවට හෝ වැඩිහිටියනට නොමැත ,මේ තත්වයට අප රට පත්කලාහුවෝ නම් මුග්ධ දේශපාලුවන් ය .එසේම උන්ට උද ගෙඩි දෙන පැසුණු ඉවක් හෝ දැනුමක් නොමැති මාධ්‍යවේදීන් යැයි කියා ගන්න නිසරුවොම වෙති .උන්ගෙන් ලැබෙන පණිවිඩයන් සමාජයට ගෝචර නොවේ හිතවාදී නොවේ …!!! මේ තත්වය මෙසේ උඩු දුවාවි නම් අප සිංහල ජාතියම ගර වැටෙන්නේය .දැනට එය සිදුවී හමාරය .අපේ උන්ට ඉතිහාසය ගැන වැටහීමක් නැත ,ආදරයක් නැත , පැරණි ගීතයක් රසවිඳීමට ඉවක් නැත .වැඩිහිටියනට ගරු නොකරන සමාජයක් අද බිහිවී ඇත ,මෙයට මාධ්‍ය වග කිව යුතුය ,
මෙයට සැබෑ විසඳුමක් පසුගිය වසර කිහිපය තුළම ම සැලසුම් කෙරුවෙමි .ඒ සඳහා සමාජ වෙබ් ජාලවන්ගෙන් පටන් අන්තර්ජාලයෙන් ලොවපුරා විසුරුවා හරින රුපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා සහ වෙබ් අවකාශ වලින් සැදුම් ලත් සංකීර්ණ මාධ්‍ය ආයතනයක් ආරම්භ කිරීමට ක්‍රමවත්ව සැලසුම් කොට ඇත ,
මෙම සැලසුම් මගින් නවතම අත්දැකීමක් අප සිංහල ජනතාවට ලැබෙනවා පමණක් නොව මෙමගින් අප ජාතියේ පැවැත්මට ක්‍රමවත් පෙරගමන් දැක්මක් ලැබෙනු ඇත .
මෙම සැලසුමට අනුව නවතම රුපවාහිනී වැඩසටහන් , සංගීත ,සහ අධ්‍යාපනික වැඩසටහන් ,ගිලිහි ගිය සිංහල සමාජ සම්බන්ධතා වැඩිදියුණු කිරීමට අවශ්‍ය වැඩසටහන් සහ ග්‍රාමීය වියාපෘති ,එමගින් අහිංසක සිංහලයන් වෙනුවෙන් හඬ නැගීමට ලොව පුරා වාසය කරන සිංහල ප්‍රජාව
එක්තැන් කොට දැනුවත් කිරීමේ වැඩසටහන් , ග්‍රාමීය දිළිඳු ජනතාව සහ දේශපාලනමය වශයෙන් දැක්මක් නොමැති ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද මානව සැලසුම් කොට ඇත .

මේ සඳහා ඔබට දායක වීමට අවස්ථාව ඇත .ඔබ මෙතෙක් නිහඬව සහ තනිව කරගෙන ආ වැඩ කොටස ඉතා පුළුල් පරාසයකට අනුව කල හැකිවනු ඇත .සිංහල ජනතාවට අපගේ මාධ්‍ය සේවය වඩාත් ශක්තිමත් පවුරක් වනු ඇත ,
මේ සඳහා අප වැය කරන්නාවූ මුදල් නැවත ලබා ගැනීමට ද ක්‍රමවත් වැඩ පිළිවෙලක් සැලසුම් කොට ඇත , මෙම ආයතනය පවත්වාගෙන යාමට නම් ඒ සඳහා ලාභයක් ලැබිය යුතුය .ඒ සඳහා ඉතා ක්‍රමවත් සැලසුම් ,ඇත මෙම වියාපෘතිය ගැන ඔබ උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර මා හට දැනුම් දෙන්න .
ඔබට ස්තුතියි ,
සුමිත් ජයන්ත ඩයස්

sumithdias@gmail.com

ලංකාවේ ප්‍රථම රුපවාහිනී ගවේෂණාත්මක වැඩසටහන වන විමසුම කාලීන සංවාද වැඩසටහනේ නිර්මාතෘ
( මෙම වැඩ සටහන සඳහා ස්වාදීන රුපවාහිනියේ ප්‍රථම ජාතික සම්මානය ඇතුළුව පුරා වසර දෙකක් එකම වැඩ සටහන දින ගන්න ලදී )

https://en.wikipedia.org/wiki/Sumathi_Best_Television_Current_Affairs_Award
දකුණු ආසියාවේ දීර්ඝතම රුපවාහිනී නාට්‍ය මාලාව වන කෝපි කඩේ නාට්‍යයේ පිටපත් 100 කට අධිකව රචනා කොට මුල් අවධියේ 350 අධිකව අධ්‍යක්ෂණය කිරීම , ටි. එන් .එල් සේවය සඳහා රට තොට නාට්‍ය නිර්මාණය , සහ වෙනත් රුපවාහිනී නාට්‍ය සහ සජීවී සහ වෙනත් සංගීත වැඩසටහන් නිර්මාණය කිරීම ,ස්වාධින රුපවාහිනියේ පුවත් අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කොට දීප වියාප්ත වාර්තා කරුවන් පුහුණු කොට බඳවා පුවත් දවසට තුන් වතාවක් ලෙසින් ආරම්භ කිරීම ,රුපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය සහ මාධ්‍ය කළමනාකරණ සහ සැලසුම් පිළිබඳව ,මලයාසියාවේ ,නෙදර්ලන්තයේ ,ජර්මනියේ ,ප්‍රංශයේ ලබා ඇති පුහුණුව ,සහ වසර 30 අධික මාධ්‍ය ක්ෂේත්‍ර අත්දැකීම් සහ පළපුරුද්ද ,

 

Author

Share

error: Content is protected !!